hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 26, ප.ව. 1:00



නැ‍ඟෙනහිර පළාතේ පවතින ගුරු හිඟය සැලකිල්ලට ගනිමින්, නැගෙනහිර පළාතට උපාධිධාරී ගුරුවරුන් 700ක් පත් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අවසර ලබා දී තිබෙනවා.

සෙන්තිල් තොණ්ඩමාන් මහතා නැඟෙනහිර පළාතේ පසුගිය කාලයේ ගුරු පත්වීම් 633ක් ලබාදුන් අතර තවත් 700ක් උපාධිධාරී ගුරුවරුන් සඳහා ගුරු පත්වීම් නිකුත් කිරීමට නියමිතයි.

නැඟෙනහිර පළාතේ පවතින ගුරු හිඟයට පිළියම් යෙදීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම පත්වීම් ලබාදී තිබීම විශේෂත්වයක්.