hit counter

2025 මැයි මස 13 වන අඟහරුවාදා

2023 ජූලි 18, පෙ.ව. 11:36



රට බංකොලොත්භාවයට පත් කළේ විමල් විරවංශ මන්ත්‍රීවරයා සිටි කැබිනට් මණ්ඩලය බව රාජ්‍ය මුදල් ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවා.

විමල් විරවංශ මන්ත්‍රීවරයා විදේශ විනිමය පනත සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් අනතුරුව ඒ සඳහා පිළිතුරු ලබා දෙමිනුයි ඒ මහතා මෙම අදහස් පළ කළේ.

“ඔබතුමාලා හිටපු කැබිනට් මණ්ඩලය ගත් තීන්දු තමයි මේ රට බංකොලොත් කළේ. මේ රට බංකොලොත් වෙන්න හේතුව ඔබතුමාලා හිටපු කැබිනට් මණ්ඩලය ගත්ත තීන්දු. ලෝකයේ රටවල් කඩා වැටෙද්දී ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගන්න එවකට ජනාධිපතිවරයාට ඉඩ නොදීපු එක තමයි මේ රට කඩා වැටීමට හේතුව වුණේ” යනුවෙන්ද සේමසිංහ මහතා සඳහන් කළා.