hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 05, ප.ව. 2:32



ඖෂධීය කංසා වගා කිරීමට අවශ්‍ය අනුමැතිය ආයුර්වේද නීති සංග්‍රහයේ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසුවා.

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කළා.

කංසා පමණක් නොව ඊට වඩා ඖෂධ ගණනාවක්  ආනයනය කරන අතර  මේවා වාණිජ වගා ලෙස ප්‍රවර්ධනය කළ යුතු බවද  නැතිනම් පාරම්පරික වෙදකම නැතිව යන බවද සිසිර ජයකොඩි මහතා සඳහන් කළා.

ආයුර්වේද සම්භාහකයන් සහ සම්භාහකාවන්  සඳහා “එන්.වී.කිව් ලෙවල් 4” මට්ටමේ පුහුණුවක් දී ආයුර්වේදයේ ලියාපදිංචිය දෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

බොරැල්ලේ ආයුර්වේද මහ රෝහලේ නම ආයුර්වේද ජාතික රෝහල ලෙස සංශෝධන කරන බවද දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ආයුර්වේද දෙපාර්තමේන්තුව දැනට වඩා කාර්යක්ෂම කිරීම පනතේ අරමුණ බව කී ජයකොඩි මහතා ආයුර්වේද කොමසාරිස් තනතුර ආයුර්වේද කොමසාරිස් ජනරාල් තනතුර දක්වා මේ පනත මගින් උසස් වෙන බව සඳහන් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: