hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 දෙසැම්‍බර් 04, පෙ.ව. 10:50



පාර්ලිමේන්තුවේ 60 ඉක්මවූ සේවකයින්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට ඉදිරිපත් කර තිබූ යෝජනාවට විරුද්ධ වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊට විරෝධය පළ කරමින් ව්‍යවස්ථා සභාවෙන් නැගිට ගොස් ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

මේ වසරේ දෙසැම්බර් මස 31 වැනි දා වයස 60 සම්පූර්ණ වන පාර්ලිමේන්තුවේ නිලධාරීහු 27 දෙනෙක් සේවා දීර්ඝයක් ලබා ගැනීමට මේ දිනවල ලොකු පරිශ්‍රමයක යෙදී සිටින බවයි වාර්තා වන්නේ. ඒ අතර පාර්ලිමේන්තුවේ ලොකු තනතුරක පුද්ගලයෙකුද සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කළා.

සීමිත පිරිසකට සේවා දීර්ඝයක් ලබා දුනහොත් මුළු රාජ්‍ය සේවයම අවුලෙන් අවුලට යෑම වැළැක්විය නොහැකි බව මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු පැවසුවා.

එම නිසා සීමිත පිරිසකට කිසිසේත්ම සේවා දීර්ඝ ලබාදිය නොහැකි බවත් පහළ සිටින නිලධාරීන්ට උසස් වීම් ලබාදීමට එනිසා නොහැකි වන බවත් ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සේවා කාලය දීර්ඝ කිරීමේ යෝජනවාට කැමැත්ත පළ කර නොමැති බව වාර්තා වනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාද එම යෝජනාවට දැඩි විරෝධයක් පළ කර තිබෙනවා.