hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූනි 12, පෙ.ව. 2:28



භික්ෂු උපදේශක සභාවක් මෙම මස 30 කෝට්ටේ දී පැවැත්වීමට සමඟ ජන බලවේගය තීරණය කර තිබෙනවා.

නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ අනුශාසනා පරිදි අදාළ උපදේශක සභාව කැඳවන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

මේ සම්බන්ධව මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා දැනුවත් කර ඒ සඳහා උන්වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක යන මහත්වරු ඊයේ (11) මහනුවරට පැමිණියා.

භික්ෂූ උපදේශක සභාවක් පැවැත්වීමේ අරමුණ සම්බන්ධව මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම දැනුවත් කිරීමෙන් පිරිස මන්ත්‍රීවරු පිරිස රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධව ද උන්වහන්සේලා සමඟ සාකච්ඡා කළා.

මහනුවර – කමල් සුරවීර