hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2023 ජූලි 11, පෙ.ව. 3:00



රටේ ඇතිවූ බංකොලොත්භාවයට හේතු සෙවීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කාරක සභාව සදහා වන සමාජික මන්ත්‍රීවරුන් 13කුගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදි විපක්ෂය ඊට විරෝධය පළකළේ එහි සභාපතිත්වය සහ වැඩි සමාජික පිරිසක් පොදුජන පෙරමුණෙන් නම් කර තිබිම හේතුවෙන්.

එහි සභාපතිත්වය ලබා දෙන ලෙස විපක්ෂය ආණ්ඩුවට දැනුම් දී තිබුණත් එය ඉටු නොවීම නිසා අදාළ කාරක සභාවේ සාමාජිකත්වයෙන් සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් ඉවත් වීමට තීරණය කළ බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ ඊයේ පැවති සාකච්ඡාවකදී කියා සිටියේ.