2023 ජූලි 18, පෙ.ව. 10:33
එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වී විපක්ෂයේ සිටින කණ්ඩායමෙන් වැඩි පිරිසක් නැවතත් පක්‍ෂය හා එක්වීමට ඉතා ඕනෑකමින් බලා සිටින බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා සඳහන් කරනවා.
බලා සිටින්නේ ද රනිල් වික්‍රමසිංහගෙන් කොළ එළියක් ලැබෙන තෙක් බවත් පැවසූ නියෝජ්‍ය නායකයා එම පිරිස සහ වෙනත් කණ්ඩායම් එක් කරගෙන ඊළඟ මැතිවරණයට සන්ධානයක් ලෙස තරග වැදුණු වන බව ද කියා සිටියා.
ජනාධිපතිවරයාගේ වැඩවලට විපක්ෂය නිතරම හරස් වන නමුත් දැන් අවශ්‍ය වන්නේ භේදබින්න වීමක් නොව එකට එක්වී වැඩ කිරීම බවද ඔහු පැවසුවා.
භේද බින්න වී කිසි දිනෙක රට සංවර්ධනය කිරීමට හැකි නොවුණු ඇති බවත් ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ සියලු දෙනා සම්‍ග එකතු වී විසඳුම් සොයා ගැනීමට බව ද ඔහු කියා සිටියා.
රුවන් විජේවර්ධන මේ බව අද මේ අදහස් පළ කළේය මීගමුව එක්සත් ජාතික පක්ෂයේ ආසන බලමණ්ඩල රැස්වීම අමතමින්.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36