hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2024 අප්‍රේල් 27, පෙ.ව. 10:47



සමගි ජන බලවේගය ගැන කලකිරුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගැන සොයා බලා ඔවුන් ඉදිරි දින කිහිපය තුල යලි පක්ෂය වටා ඒක රාශී කිරීමට රහසිගත වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටියා.

ඒ අනුව ඔවුන්ගේ ගැටලු ඉතා කඩිනමින් විසදා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද පක්ෂයේ ප්‍රභලයින් එම වැඩසටහන බාරව සිටින පිරිසට දැනුම් දී තිබෙනවා.

ඉදිරි මැයි දින රැලි වලදී දේශපාලන පිල් මාරුවක් සිදුවන බවට පලවන තොරතුරු පදනම් කරගනිමින් මෙම රහසිගත වැඩපිලිවෙල ක්‍රියාත්මක බවද වාර්තා වෙනවා.

කෙසේ වෙතත් මෙවර එජාප මැයි දින රැලියට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එකතුවීමට ඉඩ ඇති බවද එජාප ජේශ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියා.