2024 ජූනි 07, ප.ව. 1:12
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර ආර්ථික කමිටු විවාදය සදහා දිනයක් සහ ස්ථානයක් ඉතා ඉක්මනින් නම් කරන බව සමගි ජන බලවේග පක්ෂයේ ප්‍රකාශකයකු සඳහන් කරයි.
එම විවාදය සදහා ජාතික ජන බලවේගයට නිල වශයෙන් ආරාධනා කරන බවත් ඔවුන් පැමිණියද නැතද යොදා ගන්නා දිනයට විවාදය පවත්වන බවත් එය සජීව විකාශය සදහා සියළු මාධ්‍ය නාලිකාවන්ට ආරාධනා කිරීමට බලාපොරොත්තු වන බවද සදහන් කරයි.
ජාතික ජන බලවේගය හා ස්වාධීන රූපවාහිනිය විසින් ඒක පාර්ශිකව නායකත්වය විවාදය සඳහා දිනයක් යොදාගෙන තිබූ ආකාරයෙන්ම මෙම විවාදය සංවිධානය කරන බවත් එම විවාදයෙන් අනතුරුව නායකයන් අතර විවාදය සඳහා දිනයක් නම් කරන බවද ඔහු සදහන් කරයි.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36