hit counter

2025 අගෝස්‍තු මස 02 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 02, ප.ව. 8:25



කුරුණෑගල මහ නගර සභාවේ නව නගරාධිපති ධුරය සඳහා සමගි ජනබලවේගයේ පක්ෂයේ සුමේධ අරුණ ශාන්ත මහතා තේරීපත්ව තිබෙනවා.

නගරාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා පැවැති ඡන්දයෙන් ඡන්ද10ක් ලබාගනිමින් සුමේධ අරුණ ශාන්ත මහතා එම ධුරය සඳහා තේරී පත්ව ඇති බව සඳහන්.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන විජයානන්ද වෙඩිසිංහ මහතා ද එම ධුරයට තරග වැදුණු අතර පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඇතිව ඔහුට ලබාගත හැකිවුයේ ඡන්ද 6ක් පමණයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමාන ආසන දිනා ගැනීම තුළ තුන්ණ්ඩු ඇදිමෙන් නගරාධිපතිවරයා ලෙස තුෂාර සංජීව මහතා තේරීපත් වුණා.

මෙවර අයවැය දෙවරක් පරාජය වීම හේතුවෙන් ඔහු එම තනතුරින් නෙරපා හැරීමට පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගත්තා.

ඒ අනුව නව නගාරාධිපතිවරයකු පත්කරගැනීම වෙනුවෙන් අද ඡන්ද විමසීම පැවැත්වුණා.