2023 ජනවාරි 19, පෙ.ව. 11:19
ඊයේ දිනයේදී ජනාධිපතිවරයා සහභාගී වූ පක්ෂ නායක රැස්වීමට සහභාගී වූ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිපයේ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන් මැතිවරණ පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද(19) පාර්ලිමේන්තුවේදී පැවසුවා.
පක්ෂ නායක සාකච්ඡාවක් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාකච්ඡාවක් පවත්වා තීන්දුවක් ගැනීමට යෝජනා කළ බවත් ශ්‍රීලනිප වෙනුවෙන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දයාසිරි ජයසේකර මහතා, රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පමණක් විපක්ෂයෙන් සහභාගී වූ බවත් ඇමතිවරයා සඳහන් කළා.
මේ පනත කල් දැමිය යුතු පනතක් නොවන බවට ශ්‍රීලනිපය එහිදී පෙන්වා දුන් බවත් රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පමණක් ඊට විරුද්ධ වූ බවත් ඇමතිවරයා ප්‍රකාශ කළා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36