hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 නොවැම්‍බර් 07, ප.ව. 12:57



ඊශ්‍රායල හා පලස්තීන යුද්ධය වහාම නතර කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණ අද (07) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත සන්දේශයක් භාර දුන්නා.

පලස්තීන යුද්ධයෙන් දරුවන් මිය යාම වහාම වැළැක්විය යුතු බවත්, ඊශ්‍රායලය සහ පලස්තීනය නිදහස් රාජ්‍යයන් දෙකක් ලෙස පැවතීමට අවශ්‍ය පසුබිම සකස් කරන ලෙස එම සංදේශයෙන් ඉල්ලා තිබෙනවා.

එම සංදේශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණේ උප සභාපතිනී, සුෂිලා වත්තේගම මහත්මිය විසින් එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නියෝජිත නිළධාරීයෙකු වෙත භාරදුන් අතර එම අවස්ථාවට, ශ්‍රීලනිප කාන්තා පෙරමුණේ ප්‍රධාන ලේකම් අරුන්දතී ජයකොඩි මහත්මිය, ශ්‍රිලනිප කාන්තා පෙරමුණේ පරිපාලන ලේකම් කුමාරි පතිරගේ මහත්මිය, මාධ්‍ය ලේකම් මංගලිකා දසනායක මහත්මිය, පෑලියගොඩ නාගරික මන්ත්‍රීනි ගංගා දිල්රුක්ෂි මහත්මිය, ශ්‍රීලනිප ගම්පහ දිස්ත්‍රික් සංවිධායිකා ලක්ෂි ගුණතිලක මහත්මිය, ඇතුළු කාන්තා පෙරමුණේ නියෝජිතවරියන් පිරිසක් සහභාගී වුණා.