hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජනවාරි 08, ප.ව. 8:16



පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 19 වනදාට පෙර පවත්වා අවසන් කළ යුතු බව මැතිවරණ කොමිසම පවසනවා.

මේ අතර ඡන්ද විමසීමට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද දිස්ත්‍රික්ක 05 ක් සඳහා නාමයෝජනා අත්සන් කර තිබෙනවා.

ඒ අනුව හම්බන්තොට නාමයෝජනා අත්සන් තැබීම හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබු අතර මාතලේ දිස්ත්‍රික්කයේ නාමයෝජනා අත්සන් තැබීම ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නිවසේ සිදු කර තිබෙනවා.

රත්නපුර, අම්පාර, හම්බන්තොට, මාතලේ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලටයි එලෙස නාමයෝජනා අත්සන් කර ඇත්තේ.

මීට අමතරව ඔවුන් හෙට කොළඹ, කුරුණෑගල, පුත්තල යන දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කිරීමටද නියමිතයි.