hit counter

2025 මැයි මස 14 වන බදාදා

2023 මාර්තු 07, පෙ.ව. 10:11



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපති ධුරයට එම පක්ෂයේ ජේ‍යෂ්ඨ සාමාජිකයන් තිදෙනකුගේ නම් යෝජනා වී ඇති බව වාර්තා වේ. එම පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්කය, කළුතර හා මහනුවර යන දිස්ත්‍රික්ක නියෝජනය කරන ජේ‍යෂ්ඨ සාමාජිකයන් තිදෙනකු අදාළ තනතුරට යෝජනා කර ඇතැයි විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරනවා.

නමුත් එම පත්කිරීම පිළිබඳ අවසන් තීරණයකට තවම එළැඹ නැති බවද පක්ෂ ආරංචි මාර්ගවලින් කියැවෙනවා.

මෙම පිරිසට අමතරව තවත් ජේ‍යෂ්ඨ සාමාජිකයන් කිහිප දෙනකුගේම නම් අදාළ තනතුර සඳහා යෝජනා වී ඇති අතර ප්‍රධාන වශයෙන්ම ඉහතින් සඳහන් කළ සාමාජිකයන් තිදෙනා වෙත වැඩි අවධානයන් පක්ෂයේ පාලනාධිකාරීන් යොමුකර ඇති බවද දැනගන්නට තිබෙනවා.

මෙම පත්කිරීම පිළිබඳ අවසන් තීරණය පොදුජන පෙරමුණු නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ගනු ඇති බවද පක්ෂ ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

නමුත් අදාළ ජේ‍යෂ්ඨ සාමාජිකයන් තිදෙනාට අමතරව වෙනත් සුදුසුකම් සහිත පක්ෂ සාමාජිකයකු කවුරුන් හෝ නම් කරනවා නම් ඒ පිළිබඳවද සලකා බලන ලෙස පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී ඇතැයිද වාර්තා වෙනවා.