2023 අප්‍රේල් 03, පෙ.ව. 9:23
ආණ්ඩුවේ කැබිනට් සහ රාජ්‍ය ඇමති ධුර දරන තරුණ මන්ත්‍රීවරුන් වැඩි දෙනකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
එමෙන්ම ආණ්ඩුවේ තනතුරු දරන පොහොට්ටුවේ මැති ඇමතිවරුන් වැඩිදෙනකු මේ වන විට දේශපාලන වශයෙන් සිටින්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග බවයි වාර්තා වන්නේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට පොහොට්ටුවේ ප්‍රබලයන් පිරිසක් දැන් සිටම සැලසුම් කරමින් සිටින බවද වාර්තා වනවා
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ ප්‍රචාරක මෙහෙයුම ආණ්ඩුවේ ප්‍රබල තනතුරක් දරන ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු බාරගෙන තිබෙනවා.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී සහ අගමැති ව සිටියදී ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සිටි ප්‍රබලයන් කිහිප දෙනකු ද ඊට සම්බන්ධ කරගෙන ඇති එම ආරංචි මාර්ග සඳහන් කළා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36