hit counter

2025 මැයි මස 14 වන බදාදා

2023 අප්‍රේල් 13, පෙ.ව. 11:21



“අලි පොහොට්ටු තාවකාලික මධුසමය ඉතා කෙටි කලකට පමණක් සීමා වූවක්” යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත යාපා බණ්ඩාර මහතා පැවැසුවා.

මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් පළ කළ හෙතෙම එල්ලෙන්නට වැලේ වැල් නැති පොහොට්ටුවේ මන්ත්‍රිවරු මේ වන විට අවසන් උත්සාහය වශයෙන් අලියාගේ වලිගයේ එල්ලී ගොඩ යෑමට උත්සාහ කරන බව සඳහන් කළා. 

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ ඔහු මෙසේද සඳහන් කළා.

”නිදහස ජනතා සභාවේ මන්ත්‍රිවරු 13 දෙනා මේ වන විට ශක්තිමත්ව රජයට එරෙහිව ගමනක් යනවා. දැන් අපි රජයට අභියෝගයක් වෙලා තියෙන නිසා ඒ අය අපිට මඩ ගහනවා. දැන් පොහොට්ටුවට එකම ගැලවුම්කාරයා රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි. ඒකයි ඒ අය තමන්ගේ පක්ෂය රනිල් මහත්තයාගේ ඇඟේ ගහලා ගොඩ යන්න හදන්නේ. මොනවා කරත් මේ කට්ටිය දඟලන්නේ තව ටික දවසයි.                    

මේ අය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රට උකස් තියලා ජනතාව දැඩි පීඩනයකට ලක් කරලා තියෙනවා. ඡන්දෙ දුන්න 69 ලක්ෂයක් ජනතාව ප්‍රතිත්‍රස්ත පනත හරහා ත්‍රස්තවාදීන් කරලා තියෙනවා. ඉදිරි මැතිවරණයකදී මේ අයට අත්වන ඉරණම බලාගන්න පුළුවන්. සමහරු කියනවා හෙලිකොප්ටරය කඩා වැටෙන්න ළඟයි කියලා. අපි කඩා වැටෙන්නේ නෑ. ශක්තිමත් ගමනක් යනවා. ඒ ගමන අභියෝගයක් වූ පොහොට්ටුවේ මන්ත්‍රිවරු අද සිහි විකල්ව නන් ‍ෙදාඩවනවා” යනුවෙන්ද හෙතෙම සඳහන් කළා.

මහනුවර – කේ.එල්. සුරවීර