hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 14, පෙ.ව. 7:40



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම්වරයා පෙරේදා පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාවකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහභාගීවී නැතැයි වාර්තා වනවා.

මෙම සාකච්ඡාව කැඳවා තිබුණේ රටේ වත්මන් දේශපාලන වාතාවරණය සහ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන්ට මෙම රැස්වීම සඳහා ආරාධනා කර තිබුණා.

මෙම රැස්වීමට සහභාගී නොවූ පිරිස වන්නේ එස්.එම් චන්ද්‍රසේන, විමලවීර දිසානායක, ගාමිණී ලොකුගේ, නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන සහ ජොන්ස්ටන්ප්‍රනාන්දු යන මහත්වරුයි.

කෙසේ වෙතත් එම මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ආණ්ඩුවේ අමාත්‍ය ධුර සහ රාජ්‍ය අමාත්‍යධුර දරන මන්ත්‍රීවරුන් සහභාගීවී ඇතැයි වාර්තා වනවා.

පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා කැඳවීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව පළමුව පක්ෂ නායකයන් දැනුවත් කර ඉන් අනතුරුව පක්ෂයේ මාර්ගයෙන් මන්ත්‍රීවරුන් කැඳවන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දුන් බවයි පොහොට්ටුවේ ආරංචි මාර්ග පැවසූවේ.