hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 17, ප.ව. 4:39



වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා ප්‍රංශයට පිටත්වගොස් ඇති බැවින් මෙම පත් කිරීම සිදුකොට ඇති බවයි සඳහන් වන්නේ.

ඒ ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද පත්කිරීමකට අනුවයි.

මෙම පත් කිරීමට අදාළ අක්ත පත්‍රය ජනාධිපතිවරයා විසින් ඊයේ (16) රාජ්‍ය අමාත්‍යවරයා වෙත නිල වශයෙන් ලබා දී තිබෙනවා.

ඒ අනුව අද (17) දින සිට මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ප්‍රතිපත්ති අමාත්‍ය ධූරයේ වැඩ බැලීම අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විසින් සිදුකරනු ලබනවා.

මේ අතර, වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග මත අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධුරයේ වැඩ කටයුතු සිදුකිරීම සඳහා මෙම පත්කිරීම සිදුකර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පැවසුවා.