hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 02, ප.ව. 4:42



විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන සක්වල වැඩසටහනේ අනුරාධපුර පැවති අවස්ථාවට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද සහභාගී වී තිබෙනවා.

නොච්චියාගම විද්‍යාදර්ශ මහා විද්‍යාලයේදී අද (02) පැවති එම වැඩසටහනට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන කේ.පී.එස් කුමාරසිරි මහතා ඒ අනුව එක්ව සිටි අතර ඔහු සහ විපක්ෂ නායකවරයා සුහද කතාබහක ද නිරත වූ බවයි පැවසෙන්නේ.

ප්‍රදේශයේ පවතින අඩුපාඩු රැසක් සම්බන්ධයෙන් ද ඔවුන් සාකච්ඡා කර තිබෙනවා.

කෙසේ වෙතත් පොදුජන පෙරමුණේ අදාළ මන්ත්‍රීවරයා ඉන් ඉවත් වී සමගි ජන බලවේගය සමග එක් වූ බවට නිල වශයෙන් වාර්තා වී නැහැ.

තමා ඉගෙනුම ලැබූ පාසැල සහ තම දියණිය අධ්‍යාපනය ලබන පාසල නිසා තමා ඒ අවස්ථාවට තමා දෙමව්පියෙක් වශයෙන් ඒ සඳහා සහභාගී වූ බවත් තමා සමගි ජන බලවේගය සමඟ සම්බන්ධ නොවූ බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස් කුමාරසිරි මහතා සඳහන් කර සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: