2023 සැප්‍තැම්‍බර් 29, ප.ව. 1:51
පසුගිය දා පළවූ චැනල් 4 නාළිකාව ප්‍රචාරය කළ පාස්කු ප්‍රහාරය පිළිබඳ වීඩියෝ පටය නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ කීර්ති නාමයට හානි වී ඇති නිසා චැනල් 4 නාළිකාවෙන් වන්දි අය කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් වන බව වාර්තා වෙනවා.
මෙම වීඩියෝ පටය ව්‍යාජ බවට චැනල් 4 නාළිකාවේ අධ්‍යක්ෂ හා විධායක නිෂ්පාදක පසුගිය දා පිළිගෙන ඇති බව ද එම නිසා තම පක්ෂ නායකත්වයට ඉන් සිදු වූ අපකීර්තිය සම්බන්ධයෙන් වන්දි ඉල්ලිය යුතු බව ද පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති සාකච්ඡාවකදී එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් යෝජනා කර ඇත.
හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලෙයි සහ මෙම චිත්‍රපටයේ කතානායකයා අතර සම්බන්ධයක් නොතිබුණු බවට චැනල් 4 නාළිකාවේ ප්‍රධානීන් පිළිගෙන ඇති නිසා මෙම චිත්‍රපටය සම්පූර්ණයෙන් ව්‍යාජ එකක් බවට ඔප්පු වන බව ද එම නිසා මේ පිළිබඳ වහා ම පක්ෂය ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ද මෙම මන්ත්‍රීන් පිරිස යෝජනා කර ඇත.
මැතිවරණ සමයක් ළඟ එන මොහොතක මෙවැනි ක්‍රියා සිදු කිරීම නිසා පක්ෂයට විශාල හානියක් සිදුවන බව ද එම නිසා මේ පිළිබඳ පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර ඉක්මනින් තීන්දුවකට ආ යුතු බව ත් මෙම මන්ත්‍රීවරුන් පිරිස යෝජනා කර තිබෙනවා.
ඒ අනුව මේ පිළිබඳ පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර පියවරක් ගත යුතු බව මෙහිදී පොදුජන පෙරමුණු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු පවසා ඇත.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
12-06-25
12-06-25
09-06-25
09-06-25
08-06-25
08-06-25
08-06-25
08-06-25
28-05-25
28-05-25
23-05-25
23-05-25
14-05-25
14-05-25
14-05-25
14-05-25
11-05-25
11-05-25
08-05-25
08-05-25
03-04-25
03-04-25
28-03-25
28-03-25