hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 මාර්තු 29, පෙ.ව. 9:42



පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට පොහොට්ටුවේ ජාතික සංවිධායක තනතුර ලබාදීම සම්බන්ධයෙන් එම පක්ෂයේ ජේශ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි කලකිරීමට පත්ව සිටින බව වාර්තා වෙනවා.

ඔවුන් ඒ බව පක්ෂ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බවද දැන ගන්නට ඇත.

එහිදී බැසිල් රාජපක්ෂ මහතා ඔවුන්ට පවසා ඇත්තේ තමන් තනතුරක් නොගෙන පක්ෂය ජයග්‍රහණය කිරීම සදහා කැපවන බවයි.

කලකිරුණු එම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට එහිදී සිදුව ඇත්තේ හිස් අතින් ගෙදර ඒමට බවද වාර්තා වෙනවා.

මෙම තත්වය යටතේ ඔවුන් ඉදිරි මැතිවරණ වලදී ස්වාධීනව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට සාකච්ඡා ආරම්භ කර ඇති බවද ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: