hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2024 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 10:00



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතහැර ගිය පිරිස නැවත පක්ෂයට එකතු වීමේ වැඩපිළිවෙළක් නිර්මාණය වීමේ ඉඩකඩක් ඇතැයි සංජීව එදිරිමාන්න පවසයි.

එය සිදුවීමට මෙන්ම නොවීමට ද ඉඩ ඇති බවයි, ඔහු සඳහන් කළේ.

පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ පක්ෂය අතහැර ගිය පිරිස පිළිබඳ ගන්නා තීන්දුව පිළිබඳ මාධ්‍ය විමසීමේ දී ඔහු මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරණයට පසු ඊයේ (23) එම පක්ෂ කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සංජීව එදිරිමාන්න මේ බව කීය.