hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2024 අප්‍රේල් 16, ප.ව. 4:52



අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා එම දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම කර ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන මහතා අභාවප්‍රාප්ත වීමෙන් එම කමිටු සභාපති ධුරය පුරප්පාඩු වීමෙන් පසුවයි.

ඒ අනුව චන්ද්‍රසේන මහතා හෙට දිනයේ මෙම නව ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතව ඇත.