hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 12, ප.ව. 8:17



නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ රනිල් වික්‍රමසිංහ මහතාට ආගමික නායකයින් සිය විරෝධය පළ කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය පිරිනැමීමට ජනධිපතිවරයා ගත් තීන්දුව ව්‍යාවස්ථා වීරෝධී, ක්‍රම විරෝධී සහ සදාචාර විරෝධී බවයි ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සහ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගදගුරු තුමන් ප්‍රකාශ කරන්නේ.

කොළඹදී අද(12) පැවැති ඒකාබද්ධ ප්‍රවෘත්ති සකච්ඡාවකදී මේ බව සඳහන් කළා.

රටේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ රනිල් වික්‍රමසිංහ මහතාට ජනතා අභිභිලාෂයක් ඉටුකළ නොහැකි යැයිද අරගලයේ නිරත රටේ සමස්ථ ජනතාව ඉල්ලා සිට විසඳුම ඔහු නොවේ යැයිද ඕමල්පේ නාහිමියෝ සහ අගරදගුරු තුමන් ප්‍රකාශ කළා.