hit counter

2025 ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 28, පෙ.ව. 9:59



මහින්ද රාජක්ෂ ජනාධිපතිතුමාට,ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට රාජ්‍ය ආයතන තබා ගැනීම සම්බන්ධව චෝදනා කල අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාම රාජ්‍ය ආයතන 94 ක් තමන් යටතේ ගැසට් කර ගැනීම හාස්‍යයට කරුණක් බව නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර මහතා පවසන ලදී .  

මේ තුලින් ජනපති අනුර කුමාර දිසානායක මහතා වාර්තාවක් තබා ඇති බවත් එතුමා වැඩිම රාජ්‍ය ආයතන තමන් යටතට තබා ගත් රාජ්‍ය නායකයා ලෙස ඉතාහාසයට එක්වන බවත් එතුමා පවසන ලදී.

ජනාධිපතිතුමා තමන් යටතේ ආරක්ෂක ,ආර්ථික, ඩිජිටල් ආමාත්‍යාංශ යටතේ රාජ්‍ය ආයතන 94 ක් ගැසට් කර ගැනීම විමතියට පත්වන කරුණක් බවත් මේ තුලින් ආණ්ඩුව තුල ආර්ථික ඒකාධීපතිත්වය ජනාධිපතිතුමා හසුරුවන බවත් එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් එතුමා ප්‍රකාශ කර සිටියේය.

පසුගිය පාර්ලිමේන්තුව වැඩිහිටි නිවාසයක් යැයි උසුළු ,විසුළු කල ජාතික ජන බල වේගයේ සාමාජිකයින්ට අද ඔවුන් පත් කරගත් පාර්ලිමේන්තුව තුල ආර්ථිකය කළමනාකරණය කිරීම පිළිබදව පරිනත අත්දැකීම් ඇති  පුද්ගලයින් නොමැති බැවින් දැඩි අපහසුතාවයට පත් වී ඇති බවයි.

මැතිවරණ වේදිකාවේ ආර්ථිකය හසුරවමින් ආර්ථීක කළමනාකරණ ඔස්තාර්ලා ‍NPP ආණ්ඩුව සතුයි යැයි කොතරම් කයිවාරු ගැසුවත්  එවැනි කිසිවකු අනුර කුමාර ජනාධිපතිතුමා සමග නොමැති බව ජනාධිපතිතුමා විසින්  මුදල් ක්‍රම සම්පාදන ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය,මුදල් අමාත්‍යාංශය, තමන් යටතේ තබා ගැනීම තුලින්ම පැහැදිලි වේ.

එදා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාශය /ආර්ථික අමාත්‍යංශය තමන් යටතේ තබා ගැනීම ප්‍රශ්න කල දැඩි විවේචනය කල අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා තමන් යටතේ එකී අමාත්‍යාංශ දැන් තබා ගනුයේ කිනම් පදනමෙන්ද ? එදා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමා කතරගම දෙවියන් දැයි ඇසු ජනපති  අනුරගෙන් හා ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් දැන් අපට ඇසිය යුතු වන්නේ අනුර ජනපති සර්ව බලධාරී දෙවියන් හෝ කතරගම දෙවියන් ද කියාය .

ඊට අමතරව මේ ප්‍රධාන අමාත්‍යංශ තුන යටතේ ශ්‍රි ලංකා ගුවන් සේවය, පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව, අපනයන ,ආනයන දෙපාර්තමේන්තුව,සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ශ්‍රි ලංකා ටෙලිකොම් පාලිත සමාගම්, මොබිටෙල් ආයතනය ආදි රටේ ප්‍රධානතම ආදායම් ලබන ආයතන 94 ක් තබා ගැනීම, ජාතික ජන බල වේග  ආණ්ඩුවේ අනිත් අමාත්‍යවරුන්ට ආදායම් ඇති ආයතන නැති තරම්ය .එමෙන්ම  ජනපතිගේ මේ ක්‍රියාවෙන් ආර්ථික ඒකාධිපතිවාදයක් තමන් සතු කර ගන්නා ලද බවක්ද පෙනි ගොස් ඇත. එය ජනපතිතුමන්ගේ බල තණ්හාවද නැතිනම් අන් පිරිසගේ නොහැකියාවද යන්න රටට ප්‍රකාශ කරන්නැයි අපි ජනපති අනුර මහතාගෙන් ඉල්ලා සිටිනවා. අද පාර්ලිමේන්තුව නොමේරු ළදරු ඒකකයක් බවට පත් වී ඇති බවය අපට පැහැදිලි වන්නේ .

මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව තඹ සතේකට මායිම් නොකර ජාතික ආරක්ෂාවත් සමග  සෙල්ලම් කරමින් ඉන්නවා. මේ නිසා රට කෙමෙන් කෙමෙන් බෙදුම්වාදය හරහා ඊලම වෙත තල්ලු වේ දෝයි සාධාරණ බයක් අපිට තියෙනවා.