2023 මැයි 02, ප.ව. 1:02
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා යටතේ තිබූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා යටතට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ඒ යටතේ ඇති සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල, පශ්චාත් උපාධි ආයතන හා අනෙකුත් ආයතන, බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය ආදිය මේ යටතේ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා යටතට පත්කොට තිබෙනවා.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පරිපාලනයට අයත් රාජ්‍ය විශ්වවිද්‍යාල කළමනාකරණය සහ සංවර්ධනය කිරීම, උසස් අධ්‍යාපනයේ ගුණාත්මක අගය වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව අන්තර්ජාතික ශාස්ත්‍රීය ආයතන සහ වෙනත් සංවිධාන සමඟ අනුබද්ධ වීම හා සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම, උසස් අධ්‍යාපන සඳහා වන ප්‍රවේශ මාර්ගයන් පුළුල් කිරීම සඳහා යෝග්‍ය නිර්ණායක හදුනාගැනීම හා ක්‍රියාත්මක කිරීම, දේශීය හා විදේශීය රැකියා වෙළෙඳපළ ඉලක්ක කර ගනිමින් උපාධිධාරීන් බිහිකිරීම සඳහා සමස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිය තුළ විෂයමාලා සංශෝධනය කිරීම, විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ පර්යේෂණ හා නව නිපැයුම් දිරි ගැන්වීම සඳහා පහසුකම් ඇති කිරීම, සුහුරු අධ්‍යාපන විශ්වවිද්‍යාල ඇති කිරීම සඳහා පියවර ගැනීම, සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ලෝක ශ්රේරණිගත කිරීම්වල ඉහළ ස්ථානයකට පත්කිරීම සඳහා පියවර ගැනීම, ශ්‍රී ලංකාවේ සුදුසුකම් සහිත සිසුන්ට ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සඳහා ප්‍රවේශ වීමට හැකිවන ලෙස ශිෂ්‍යත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පෞද්ගලික හා ජාත්‍යන්තර විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන නියාමනය සහ ප්‍රතීතනය කිරීම හා බෞද්ධ හා පාලි අධ්‍යාපනය ඉහළ නැංවීම සහ භික්ෂුන් වහන්සේගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම ආදිය කාර්යයන් මේ ගැසට් නිවේදනය ප්‍රකාරව අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා තිබෙනවා.
තමා යටතේ පවතින ආයතනවල නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාප හේතුවෙන් තම විෂය පථයට අයත් කාර්යයන් නිසි අයුරින් ඉටුකළ නොහැකි බවට මින් පෙර අධ්‍යාපන අමාත්‍යවරයා චෝදනා කළා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සාකච්ඡා මඟහරින බවත් අතිරේක ලේකම්වරියක් තමා නොසලකා හරිමින් කකුලෙන් අදින පිළිවෙතක් ගෙනයන බවත් මින් පෙර කළ විමසීමකදී අධ්‍යාපන ඇමැතිවරයා කියා සිටියා.
මේ හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතුවලට විවිධ බාධා එල්ල වී ඇති බවටද ඔහු චෝදනා නැගුවා.
එසේම හැකි අයෙක් ඇත්නම් ඒවා භාරගෙන කටයුතු කරන්නැයිද තමාට ඒ පිළිබඳව කිසිදු ගැටලුවක් නැතැයිද ඇමැතිවරයා කියා සිටියා.
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39