hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූලි 03, පෙ.ව. 1:04



හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දැඩි රෝගී තත්ත්වයෙන් පසුවන බවත් ඔහු කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් සඳහන් කරමින් පසුගිය දිනක සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වාර්තා පළ වුණා.

මෙලෙස පළවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව හිටපු අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා ප්‍රකාශ කළා.

හිටපු අග්‍රාමාත්‍යවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වය පසු වන බවත් ඔහුගේ දෛනික රාජකාරි කිසිදු බාධාවකින් තොරව සිදු කරගෙන යන බවත් ඔහු සඳහන් කළා.

මේ අතර හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතා තමාට පෙරේදා දිනයේ කතා කළ බවයි.

හිටපු ඇමැතිවරයා ඔහු ඉතා හොඳ සුවයෙන් පසුවන බවද ඔහු සඳහන් කළා.

අසාධ්‍ය තත්වයෙන් පසුවන බවට සමහරුන් ප්‍රචාර ගැන තමා ඔහුට පැවසූ අවස්ථාවේදී රාජපක්ෂ මහතා “ඕවා ඔහොම තමයි විමලේ..මට අසාධ්‍යයි කියලා මම වත් දන්නෙ නෑ ” යනුවෙන් ප්‍රකාශ කර මහ හඬින් සිනාසුනු බවද හිටපු ඇමතිවරයා කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: