hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 11, ප.ව. 12:02



පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් කතානායක හෝ නියෝජ්‍ය කතානායක තනතුරුවලට පත් කිරීම සඳහා කෝටාවක් ඇති කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යෝජනා කර තිබෙනවා.

එසේම විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කෙරෙන කොමිෂන් සභා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඇතුළු තීරණ ගැනීමේ ආයතනවලට කාන්තාවන් අන්තර්ගත කිරීම සඳහා නව කෝටාවක් ඇතුළත් කිරිමට අදාල  සංශෝධන සිදුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් කතානායකවරයාට පෙන්වා දී තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සමාජ අන්තර්කරණයේ දෘෂ්ටිකෝණයෙන් පසුගියදා විමසුමට ලක් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පසුගියදා (06) රැස්වූ අවස්ථාවේදී  මෙම කාරණා පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: