2023 සැප්‍තැම්‍බර් 12, ප.ව. 1:24
කහවත්ත වැවිළි සමාගමට අයත් වැල්ලදුර වතු යායේ ආරක්ෂක නිලධාරීන් විසින් වතු යායේ බුංගිරිය ප්‍රදේශයේ අනවසරයෙන් ඉදි කරන ලද වතු කම්කරු නිවසක් ඉවත් කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.
එම සිදුවීම පිළිබඳව සොයා බැලීමට අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පෙරේදා (10) වතු යායට පැමිණ තිබෙනවා.
ප්‍රදේශවාසීන් අමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබෙන්නේ මෙම කඩා දමන ලද නිවසේ විශ්ව විද්‍යාල වරම් ලද සිසුවියක් ද ජීවත් වන බවයි.
වතු නිලධාරින් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු එම පවුලට එම ස්ථානයේ ම තාවකාලික නිවසක් ඉදි කිරීමට අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති අතර විශ්ව විද්‍යාල වරම් ලද සිසුවියට ශිෂ්‍යත්වයක් ලබා දෙන බවද පවසා තිබෙනවා.
කහවත්ත වතු සමාගමේ නිලධාරියෙකු පවසා ඇත්තේ මෙම නිවස අනවසරයෙන් ඉදි කර ඇති බවත්, වතු සමාගමට අයිති ඉඩම්වල අනවසරයෙන් පදිංචි වීම නීත්‍යානුකූල නොවන ක්‍රියාවක් බවයි.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
02-02-25
02-02-25
17-10-24
17-10-24
21-07-24
21-07-24
29-04-24
29-04-24
16-03-24
16-03-24
11-03-24
11-03-24
31-08-23
31-08-23
28-08-23
28-08-23
25-07-23
25-07-23