hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 04, ප.ව. 4:11



සමගි ජන බලවේගය සුරක්ෂිත බව ද සජබ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට යනවා කියන කතාව පැල කරපු බොරුවක් යැයි ද කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

සමගි ජන බලවේගය දියවෙනවා වගේ කතා දැන් නිතරම යන බවත් ඊට උත්තර දීලා එපා වෙලා බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

සමගි ජන බලවේගය නියෝජනය කරන කිසිම මන්ත්‍රී කෙනෙක් ආණ්ඩුවට එකතු වෙනවා කියා පෙනෙන්නේ නැතැයි ද තුෂාර ඉදුනිල් මහතා පවසා සිටියා.