2023 ජූනි 13, පෙ.ව. 11:37
රිළවුන් රට යැවීමේ තීරණය රජය වෙනස් කරන්නේ නම් වන්නියේ ගොවීන්ට ඔවුන්ගේ වගාවන් රිළවුන්ගෙන් හා වඳුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා තුවක්කු ලබාදෙන ලෙස දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චාර්ල්ස් නිර්මලනාදන් මහතා රජයෙන් ඉල්ලීමක් කොට තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් මන්ත්‍රිවරයා ප්‍රකාශ කොට ඇත්තේ වඳුරන් හා රිළවුන් නිසා වන්නියේ ගොවීන්ට ඔවුන්ගේ ගොවිතැන් කටයුතු අතහැර දමන තත්ත්වයකට ඔවුන් පත්ව සිටින බවයි.
එම ගොවීන්ගේ වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන්ට බලපත්‍ර මත තුවක්කු ලබාදෙන ලෙස තමන් මීට ඉහතදී පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටි නමුත් රජයෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවද ඔහු ප්‍රකාශ කරනවා.
2025 ජනවාරි 31, පෙ.ව. 8:04
2025 ජනවාරි 21, ප.ව. 4:56
2025 ජනවාරි 09, ප.ව. 3:22
2025 ජනවාරි 08, ප.ව. 1:53
2025 ජනවාරි 08, ප.ව. 1:48