2023 පෙබරවාරි 20, පෙ.ව. 9:22
ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව ධනාත්මකව කලක් මෙරට ප්‍රධාන පුවත්පතකට තමා ලිපිපෙලක් ලියූ බව උදය ගම්මන්පිල මහතා පවසනවා.
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ තමාගේ මිතුරන් බවත් ඉදිරියේ නිර්මාණය වන දේශපාලන තත්ත්වයට අනුව ජවිපෙට එකතුවිම සම්බන්ධයෙන් තමා තීන්දුවක් ගන්නා බවත් ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.
අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් මහතා සමග තම ඇතැම් දේශපාලන සාකච්ඡා සිදුකළ බවත් ඒවා මාධ්‍යයට හෙළි කිරීමට කැමැත්තක් නොදක්වන බවත් මන්ත‍්‍රීවරයා කියා සිටියා.
වෙනදාට නොතිබුණ ජනතා ප්‍රසාදයක් ජනතා විමුක්ති පෙරමුණට මේවන විට තිබෙන බවත් ඒ අවස්ථාවේ පවතින දේශපාලන සන්දර්භය අනුව ඉදිරියේදී ජවිපෙ සමඟ එකතු වනවාද නැද්ද තීරණය කළ හැකි බවත් දේශපාලනය ගැන අනාගත වාක්‍ය කිව නොහැකි බවත් ඔහු සඳහන් කළා.
ඔහු මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින්.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36