2023 ජූනි 08, පෙ.ව. 10:48
උතුරේ පමණක් නොව දකුණේ ද ඇතැම් මන්ත්‍රීවරුන් තමන් නීතියට උඩින් සිටින බව සිතා සිටින බවත් එය එසේ නොවන බව සිහිපත් කරදීමට කටයුතු කරන පොලිස් නිලධාරීන් පිළිබඳව සතුටු වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ අද දින ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවක් හා එක්වෙමින්.
එහිදී පිවිතුරු හෙළ උරුමේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වුවා.
“පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධාකළ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා අත්අඩංගුවට පත් උනා කියන ආරංචිය අපට ලැබී තියෙනවා. ඒ පිළිබඳ අපේ ප්‍රණාමය පොලිසියට පුදකරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නීතියට උඩින් කියලයි සමහර මන්ත්‍රීවරුන් හිතාගෙන ඉන්නේ. උතුරේ විතරක් නෙවෙයි දකුණේ සමහර මන්ත්‍රීවරුන් එහෙම හිතාගෙන ඉන්නවා. ඒක එහෙම නෙවෙයි කියලා ඒ මන්ත්‍රීවරුන්ට සිහිපත් කිරීම ගැන අපි සතුටු වෙනවා.
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා මන්ත්‍රීධූරයට මුවා වී පොලිසියට සහ හමුදාවට බාධා කළ පළමු අවස්ථාව මෙය නොවේ. උතුරු සහ නැගෙනහිර පුරාවස්තු විනාශ කරන තැන්වල, බෙදුම්වාදයට උඩ ගෙඩි දෙන තැන් වල රජයේ නිලධාරීන්ට බාධා කරමින් හැසිරෙනවා අපි දැකලා තියෙනවා. තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නිසා දරුවන්ගේ විභාගයට බාධා කරන්න තමන්ට ශුද්ධ වූ අයිතියක් තියෙනවා කියලා හිතමින් කටයුතු කළ අවස්ථාවේ ඒකඒක එහෙම නෙවෙයි කියලා එතුමාට සිහිපත් කිරීමට පොලිස් නිලධාරීන් කොන්දක් තිබීම ගැන අප සතුටු වෙනවා. පොලීසිය මේ ප්‍රදර්ශනය කරපු කොන්ද ඉදිරියට ද රැකගැනීමට ලැබේවා කියලා අප ප්‍රර්ථනා කරනවා.
පළාත් සභාවට පොලිස් බලතල ලබාදිය යුතුයි කියන සංවාදයේ ඉදිරියෙන්ම සිටින කෙනෙක් ගජේන්ද්‍රන් පොන්නම්බලම් මන්ත්‍රිතුමා. පොලිස් බලතල පළාත් සභාවට ලබා දීලා විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා උතුරේ මහ ඇමැති ධුරය දැරුවා නම් මේ ජවනිකාව කොහොමද වෙන්නේ. ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා විග්නේෂ්වරන් මහ ඇමතිවරයාට දුරකථනයෙන් කථා කරනවා. මහ ඇමති වරයාගෙන් ඉහළ පොලිස් නිලධාරියෙකුට ලැබෙනවා දුරකථන ඇමතුමක්. ඒ පොලිස් නිලධාරියා මේ පොලිස් නිලධාරීන්ට කතා කරලා කියන්නේ මන්ත්‍රීවරයා ඉදිරියේ වැඳ වැටිලා සමාව අරගෙන මේක ඉවර කරගන්න කියලා.
21වන ආණ්ඩුක්‍රමව්‍යවස්ථා සංශෝධනය හරහා මධ්‍යම ආණ්ඩුවේ පොලිස් නිලධාරීන් ස්වාධීන පොලිස් කොමිසමක් යටතට පත් කළ ද එහි සඳහන් කරලා තියෙනවා පලාත්සභාවේ පොලිස් නිලධාරීන් මහ ඇමැතිවරයාගේ අණසක යටතේ කටයුතු කළ යුතු බව. පලාත් වලට පොලිස් බලතල ලබා දුන්න විට ස්වාධීන කොමිෂන් සභා පළාත් සභාවලට බලනොපාන ආකාරයටයි තියෙන්නේ.”
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39