hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2023 ජූලි 18, පෙ.ව. 3:27



මේ වන විට ආණ්ඩුව තුළ බරපතළ අභ්‍යන්තර අර්බුදයක් ඇතැයි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, විපක්ෂය මේ අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විශ්වාසභංගයක් ගෙනැවිත් ආණ්ඩුව නැවත සමගි කිරීමට කටයුතු නොකළ යුතු බවයි.

පසුගිය ආණ්ඩුව සමයේ තමන්ට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒම නිසා අවසානයේ සිදු වූයේ ආණ්ඩුවේ නායකයින් එකතු වූ පක්ෂය තුළ පැවැති බෙදීම් නැති කොට සමගි කිරීම බව ද උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.

එහෙයින් විපක්ෂය ගෙදර වැඩ නොකර ආණ්ඩුව ශක්තිමත් කිරීමට විශ්වාසභංග නොගෙන ආ යුතු බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.