2023 පෙබරවාරි 22, ප.ව. 3:39
පැරණි දේශපාලන සංස්කෘතියට නැවතත් මේ රට ඉදිරියට රැගෙන යාමට නොහැකි බව ඔප්පු වී හමාර බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පවසයි.
“අපේ රටේ ජනතාවට ඔය බස් එකේ නගින්න එපා. රැස්වීමට එක්කරන් යන්න බස් එනවා ගමට. තමන්ගේ ගෙදරටත් එනවා ආරාධනා එනවා රැස්වීම පුරවන්න අවශ්‍ය කරන සෙනග ගොඩට එකතු වෙන්න එපා බස් එකේ නැග්ගොත් තවදුරටත් මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ” යනුවෙන්ද ඔහු සඳහන් කර සිටියා.
ඒ අද පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.
එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,
“අපේ රටෙත් බොහෝ අ තරුණ පරම්පරාවේ ඉන්නවා සිහින දකිමින් අ ඒ සිහින සාර්ථක කරගන්න අවස්ථාවන් සොයමින් නමුත් අ අපිට හැමදාම කියන්න තියෙන්නේ අපේ රටේ තරුණයාට, අපේ රටේ ඊළඟ පරම්පරාවට තියෙන්නේ අවාසනාවන්ත ඉරණමක්. ඒක තමයි අද තත්වයෙත්, ඒක තමා එදා තිබ්බ තත්වෙත්. එළෝන් මාස්ක් ග්‍රහලෝක තරනය ගැන හිතනවා. ඒ වගේම ඔහු අ ඉලෙක්ට්‍රික් කාර් ලෝකෙට හඳුන්වලා දීලා තියෙනවා. ලොකු පිම්මක් පැනපු පුද්ගලයෙක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ස්ටීව් ජොබ්ස් තමන්ගේ අම්මා තාත්තත් නැතුව අරන් හදාගත්ත තාත්තගේ ගරාජයේ ඉඳලා තමා ඔහුගේ සිහිනය සැබෑ කරගන්නේ ඇපල් පරිගණකය ඔහු හදන්නේ. ඒ ඔහු දැකපු සිහිනයේ. අපේ රටෙත් ඊට වඩා දක්ෂ පරම්පරාවක් ඉන්න බව අපි පැහැදිලිවම දන්නවා.
නමුත් ඒ පරම්පරාවන් වලට තමන්ගේ කුසලතාවයට, නිපුණතාවයට අවශ්‍ය මාර්ගය මේ රටේ තාමත් හදන්න ෆෝකස් එකක් නෑ. ඉලක්කයක් නෑ. එහෙම මාර්ගයක්, තාමත් සැලසුමක් නෑ. එහෙම මාර්ගයක් සඳහා. ඒ වගේම තවත් මන්ත්‍රීවරයෙක් කතා කරා සහ මේ මේ බොහෝ වෙලාවට මෙතන මේ දේශපාලනය ගැන කතා කරනවා, ඡන්දය ගැන කතා කරනවා. තවත් මන්ත්‍රීවරයෙක් මේ අපි බස් වලින් අ සෙනඟ ගේනවා කියන එක ඔහු අවංකවම කිව්වා. අපි ඒක දන්නවා. අපි ඒක දැකලා තියෙනවා. මං හිතන්නේ අපිට මේ යල්පැන ගිය දේශපාලන සංස්කෘතියෙන් දැන් මිදෙන්න කාලය හරි. මේ දේශපාලන සංස්කෘතිය මිනිස්සුන්ගේ හදවත් වලින් මිනිස්සුන්ගේ මනසෙන් මැරිලා ඉවරයි.
නැවතත් මේ පරණ පැරණි දේශපාලන සංස්කෘතියට නැවතත් මේ රට ඉදිරියට අරන් යන්න බැරි බව මේ පහුගිය දවස් ටිකේ ඔප්පු වෙලා අවසන්. මං මේ ටික කියන්නේ අපේ රටේ ජනතාවට ඔය බස් එකේ නගින්න එපා. රැස්වීමට එක්කරන් යන්න බස් එනවා ගමට. තමන්ගේ ගෙදරටත් එනවා ආරාධනා එනවා රැස්වීම පුරවන්න අවශ්‍ය කරන සෙනග ගොඩට එකතු වෙන්න එපා බස් එකේ නැග්ගොත් තවදුරටත් මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ. අපිට හරි දේශපාලන සංස්කෘතියක් රටට අඳුන්වලා දෙන්න බෑ. බස් එකේ නැගලා ගිහිල්ලා ජය වේවා කියලා කෑ ගහලා, මයික් වලින් කියන දේවල් අහගෙන ඉඳලා, පුදුම සතුටකින් ගෙදර එනවා. ගෙදර ආවට පස්සේ ආපහු ලයිට් බිල වැඩිවෙලා අර ආර්ථික ප් රශ්න ටිකට අපි නැවතත් එතනටම කොටුවෙනවා. කවදාවත් අපේ ප්‍රශ්න විසඳුන් නැහැ. අපි ජය වේවා කියලා කෑගහනකොට, වේදිකාවේ උඩ හිටපු අයගේ ප්‍රශ්න විතරයි හැමදාමත් විසඳුනේ.
ඒගොල්ලෝ තමයි හැමදාමත් සතුටෙන් හිටියේ. ඒගොල්ලෝ විතරක් සතුටෙන් හිටියහම ඇතිද? ඒගොල්ලෝ රටේ මිනිස්සු ඉඳලා හිටලා සතුටු වුණහම ඇති. ඒ නිසා බස් එකේ නැගලා රැස්වීම් වලට ගිහිල්ලා තමන්ගේ කාලය, තමන්ගේ මුදල්, තමන්ගේ මහන්සිය, සියල්ල කැප කරන එක කරුණාකරලා නතර කරන්න. නතර කරලා මේක අලුත් තැනකින් පටන් ගන්න විවේකයක් දෙන්න මේ රටට. රැස්වීම් වලට ගියා කියලා මේ රට හදන්න බෑ. අවසානයේ මොකද වෙන්නේ? සමිතියට පුටු ටිකක් දෙනවා. සමිතියට බුෆේ සෙට් එකක් දෙනවා. අඳුරන්නේ නැති මනුස්සයාගේ මළගෙදරට යනවා. එහෙම කරපුවහම මේ රට හදන්න බෑ. අද අපි මේ මුහුණපාලා තියෙන මේ සියලු ආර්ථික ප්‍රශ්න, සියලු සමාජ ප්‍රශ්න වලට හේතුව අපි මෙච්චර කාලයක් කරගෙන ආපු දේශපාලන ක්‍රමයේ වැරැද්ද. ඒ නිසා ඒකට සමු දෙන්න ඕනේ. දේශපාලන පක්ෂ තිබිච්චාවේ, ඔවුන් ඉදිරිපත් වෙච්චාවේ, ඔවුන්ගේ වැඩපිළිවෙල ඉදිරිපත් කෙරුවාවේ, මාධ්‍ය හරහා හෝ කෙසේ හෝ ඒගොල්ලන් ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල ඉදිරිපත් කරයි. තාක්ෂණය දියුණුයි.ෆෝන් එකෙන් බලන්න පුළුවන්. ජනතාව ඉන්න ඕනේ එකම පැත්තක.”
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36