2023 මැයි 08, ප.ව. 7:46
ලංකා ඉතිහාසයේ මුහුණදුන් දරුණුම ආර්ථික අර්බුදයෙන් රට මුදවා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට ශක්තියක් දීම වෙනුවෙන් තමා එක්වන බව ගම්පහ මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී ප්‍රේමසිරි කාරියවසම් මහතා පවසනවා.
පසුගිය සමයේ ජනතාව විඳි අපමණ දුක්ගැහැට වලින් මුදවා ගැනීමට පිළියමක් ඇති එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඔහු විසින් මේ වන විටත් ඒ බව ප්‍රායෝගිකව ඔප්පුකර ඇති නිසා තමන් මේ තීන්දුව ගත් බවද ඒ මහතා සඳහන් කළා.
තමන් සමඟ මෙතෙක් ගම්පහ දේශපාලන කටයුතු වල නිරත වූ ක්‍රියාකාරීන් රැසක් සමඟ එක්ව මෙම තීන්දුව ගත් බවද ප්‍රේමසිරි මහතා පැවසුවා.
ප්‍රේමසිරි කාරියවසම් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක්.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36