hit counter

2025 මැයි මස 13 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 03, ප.ව. 12:07



එක්සත් ජාතික පක්ෂයේ හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ රවී කරුණානායක මහතා ඊයේ (02) හදීසියේම පෞද්ගලික හෙලිකොප්ටර් යානාවකින් මන්නාරමට පැමිණි බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

මන්නාරම මහජන ක්‍රීඩාංගණයට පැමිණි රවී කරුණානායක මහතා විසින් පෞද්ගලික ආයතනයකට අයත් වාහනයකින් නික්ම පැය කිහිපයකට පසුව ආපසු අදාළ පෞද්ගලික හෙලිකොප්ටර් යානාවේම ගොස් ඇත්තේ මාධ්‍යටද අදහසක් පල නොකරමින් වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් හිටපු අමාත්‍යවරයා මන්නාරමට ගිය හේතුව මෙතෙක් නිශ්චිතවම අනාවරණය වී නොමැති අතර පෞද්ගලික ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් පැමිණි බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

වන්නි – රොමේෂ් මධුෂංඛ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: