hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2023 මැයි 31, පෙ.ව. 7:56



ලංකා සම සමාජ පක්ෂය උත්තර ලංකා සභාගයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ ක්‍රියාකාරී මණ්ඩලය විසින් මෙම තීන්දුව ගෙන ඇත්තේ ඉකුත් 27 වැනි දා රැස් වී කරන ලද දීර්ඝ සාකච්ඡාවකින් පසුවයි.

මෙසේ ඉවත් වීමට තීන්දුවක් ගෙන ඇත්තේ උත්තර ලංකා සභාගය සමාජවාදී මාවතෙන් ගොස් ධනපති ක්‍රමයට අනුගත වීම නිසා බවට එම පක්‍ෂය පවසනවා.

ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය උත්තර ලංකා සභාවේ සෙසු දේශපාලන පක්ෂයි.