2023 ජූනි 19, පෙ.ව. 6:09
කුරුන්දන්මලේ විහාරය සම්බන්ධයෙන් මතුවූ කථාබහත් සමඟ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එම ධුරයෙන් ඉවත්කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍යවරයා ඊයේ (18) බලපිටියේ පැවති උත්සවයකදී ප්‍රතිචාර දක්වා සිටියා.
අමාත්‍යවරයා කියා සිටියේ සියලු දෙනා එක්ව නැගී සිටිය යුතු කාලයක් එළැඹ ඇති බවයි.
එයට පිළිතුරු විදුර වික්‍රමනායක මහතා,
“බෞද්ධ ධර්මයට වේවා, සාසනයට වේවා යම් අභියෝගයක් එල්ල වෙන බව පේනවා. මේ අභියෝගය අද ඊයේ නෙමෙයි සෑහෙන කාලයක් පුරා නිර්මාණය වුණ එකක්. ගහන්න පුළුවන් හැම පැත්තෙන්ම ගහනවා අපේ හාමුදුරුවනේ. අපි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුව කටයුතු කළ යුතුයි කියන මට හිතෙන්නේ. හැබැයි ඒක නිවටකමක් නෙමෙයි. අපි කළ යුතු දේ කළ යුතුයි. අපේ රටේ නීතියක් තියෙනවා. අපි ඒ නීතියට අවනත වෙන්න ඕනේ. බුද්ධ නීතිය එකපැත්තකින් තියෙන අතරතුර රාජ නීතිය තව පැත්තකින් තියෙනවා. මේ දෙකටම අනුගත වෙමින් කටයුතු කළ යුතුයි. අපි ඒකට අනුගත වෙද්දි සමහරු හිතනවා නිවටකම කියලා. නෑ. කළ යුතු දේ වෙලාවට අපි කරනවා.”
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36