2023 ජූනි 15, පෙ.ව. 10:32
බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක එම ධුරයෙන් ඉවත් කළ යුතු යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පැවැසුවා.
මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ යාපනය චාවකච්චේරියේ පිහිටි ඉලංගෙයි තමිල් අරසු පක්ෂ කාර්යාලයේදී ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවේදීයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ඉල්ලා අස්වීමේ සිදුවීම මේ වනවිට රට තුළ විවාදාත්මක තත්ත්වයක් ඇති කර තිබෙන නමුත් පසුගිය දිනවල ජනාධිපතිවරයා හා පැවැති සාකච්ඡාවලදී පවා මනතුංග මහතා අදහස් දැක්වූයේ අමාත්‍ය මණ්ඩල තීරණ පවා ක්‍රියාත්මක කිරීමට අකැමැති ආකාරයෙන් යැයි මන්ත්‍රිවරයා සඳහන් කළා.
කෙසේ වෙතත් එම තත්ත්වය විෂයභාර අමාත්‍යවරයා පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා අතර පවතින ගැටලුවක් වන අතර එම ගැටලු තම පාර්ශ්වයට අදාළ නොවන බවද හෙතෙම පැවැසුවා.
තම පක්ෂයට ඇති ගැටලුව වන්නේ උතුරු නැඟෙනහිර පළාත්වල ඉඩම් ආක්‍රමණය කිරීම බව පැවැසූ සුමන්තිරන් මන්ත්‍රිවරයා එබැවින් විදුර වික්‍රමනායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස් කරන්නැයි තම පාර්ශ්වය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද වැඩිදුරටත් සඳහන් කළා.
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39