hit counter

2025 පෙබරවාරි මස 26 වන බදාදා

2025 පෙබරවාරි 26, පෙ.ව. 9:11



විදේශ සේවයට දේශපාලනික පත්වීම් කරන බවට නිවේදනයක් නිකුත් කිරීම ගැන විදේශ කටයුතු ඇමැති විජිත හේරත් ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරින් දෝෂදර්ශනයට ලක්කර ඇත.

යම් ප්‍රකාශයක් කිරීමට පෙර දේශපාලන බලධාරින් සමග සාකච්ඡා කිරීමට ඉඩ තිබුණු බවත් එසේ නොකොට නිවේදන නිකුත් කරන්නේ නම් ප්‍රසිද්ධ මාධ්‍යයෙන්ම ප්‍රශ්න විසඳාගන්නා ලෙස කියමින් ඇමැතිවරයා එම නිලධාරින් විවේචනය කර තිබේ.

විජිත හේරත් ඇමැතිවරයා මේ විවේචනය කර ඇත්තේ විදේශ සේවා පත්කිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය ඉල්ලීමක් කළ අවස්ථාවේය.

ඇමැතිවරයා ඉල්ලා සිටි සාකච්ඡාව ලබා දී නැති අතර ඒ වෙනුවට එම නිලධාරින් දැඩිව විවේචනය කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික ජනබලවේග ආණ්ඩුව ද පෙර පැවැති ආණ්ඩු මෙන් විදේශ සේවයට දේශපාලන පත්වීම් කරන බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය පසුගියදා නිවේදනයක් නිකුත් කළේය.

ජාතික ජනබලවේග 2024 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ‘විදේශ සේවය නිර්දේශපාලනීකරණය කිරීම සඳහා කුසලතා මත පදනම්ව පත්කිරීම් සිදුකිරීමට වහා ක්‍රියා මාර්ග ගත යුතු’ බව සඳහන් කළ ද ඊට පටහැනිව කරන දේශපාලන පත්වීම් සිය සංගමය තැතිගන්වනසුළු යැයි එම නිවේදනයේ සඳහන් කර තිබුණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: