2023 ජූලි 01, ප.ව. 2:38
“අද මේ අත තියලා තියෙන්නේ අර්ථසාධක අරමුදලට ඒ වගේම සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලට. මේ රටේ පුද්ගලික අංශයේ වැඩකරන ජනතාවගේ සල්ලිවලට.” යැයි ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.
ජනතාව නොමඟ යවන ආණ්ඩුවක් සහ මහ බැංකු අධිපතිවරයකු ගැන ජනතාවට සත පහක විශ්වාසයක් නැතැයිද සඳහන් කළා.
ඒ අද (01) පාර්ලිමේන්තුවේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින්.
දේශීය ණය කපාහරින්නේ නැතැයි ආණ්ඩුව පුන පුනා කීවේ පට්ටපල් බොරුවක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන්ගේ කමිටුවෙන් ඉදිරිපත් වූ පූර්ව කොන්දේසියක් ලෙස දේශීය ණය කපා හරින බව කැබිනට් පත්‍රිකාවේ පැහැදිලිව සඳහන් කර ඇතැයි කී විජිත හේරත් මන්ත්‍රීවරයා මෙලෙස ජනතාව නොමඟ යවන ආණ්ඩුවක් සහ මහ බැංකු අධිපතිවරයකු ගැන ජනතාවට සත පහක විශ්වාසයක් නැතැයි ඔහු කියා සිටිනවා.
පෞද්ගලික අංශයේ රැකියා කරන ජනතාව උපයාගත් මුදල් පිළිබඳ බලහත්කාරයෙන් තීන්දු තීරණ ගැනීමක් මෙහිදී සිදු වන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
ඔවුනට මේ දුක් ගැනවිල්ල කියන්නට තැනක් නැති හෙයින් දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ පිළිබඳ නඩුවක් ගොනු කර ඇතැයිද ලබන 13 වැනි දා ඒ නඩුව අහන බැවින් හරි නම් මෙවැනි විවාදයක් පැවැත්වීමත් සුදුසු නැතැයි ඔහු පෙන්වා දුන්නා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36