hit counter

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2023 ජූලි 02, පෙ.ව. 3:03



ඊයේ (01) පාර්ලිමේන්තුවේ පැවති දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව ඡන්ද විමසීමකින් පසු සම්මත වුණා.

එම යෝජනාවට පක්ෂව ඡන්ද 122ක්ද විරුද්ධව ඡන්ද 62ක් ලැබුණා.

මෙම ඡන්ද විමසීම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු නොපැමිණියා.

රාජිත සේනාරත්න, මයන්ත දිසානායක, රෝහිණී කවිරත්න, මනෝ ගනේෂන් වන විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් හා පොදුජන පෙරමුණේ මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ යන මන්ත‍්‍රීවරුන්ද නොපැමිණි මන්ත‍්‍රීන් අතර වූවා.