hit counter

2025 ජූලි මස 04 වන සිකුරාදා

2023 ජූලි 05, පෙ.ව. 3:20



පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත වූ ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය සඳහා පැවති ඡන්දය විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා සහභාගී වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා.

උක්ත යෝජනා සම්මතය සම්මත කිරීම සඳහා ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා සභා ගර්භයේ නොසිටි මන්ත්‍රිවරයෙක් ලෙස මාධ්‍ය මගින් පළ කරනු ලබන වාර්තා සම්පූර්ණ අසත්‍ය බවත් ඒ මහතා යෝජනා සම්මතයට පක්ෂව ඡන්දය ‍භාවිතා කොට ඇති බවත් මහ ලේකම්වරිය තවදුරටත් සනාථ කොට සිටිනවා.