hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2022 ජූනි 17, පෙ.ව. 8:52



මැයි 9 වැනිදා කලහාකාරී සිද්ධි අතරතුර ප්‍රහාරයට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සුවය ලබා ඇතැයි වාර්තා වනවා.

මේවන විට ඔහු නැවතත් දේශපාලන කටයුතු ආරම්භ කර තිබෙනවා.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පෙරේදා (15) පැවති රැස්වීමකට ද කුමාර වෙල්ගම මහතා සහභාගී වී තිබෙනවා.

එම රැස්වීමට සමගි ජනබලවේගය නියොජනය කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන් මහත්වරු ද සහභාගී වී සිටියා.

ප්‍රහාරයට ලක්වීමෙන් පසු අසනීප තත්ත්වය තත්වය උග්‍ර වීමෙන් කුමාර වෙල්ගම මහතා හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ද ප්‍රතිකාර ලැබුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: