2023 අප්‍රේල් 26, ප.ව. 3:59
ජාතික නිදහස් පෙරමුණේ’ නායක විමල් වීරවංශ මහතා විසින් “ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය” පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුව රචනා කළ “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතිය ඊයේ (25) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්වුණා.
ගාලුමුවදොර අරගල සුළියට හසුව තම දිවිසැරිය අහිමිව ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ පුතණුවන්ට, රඹුක්කන චමින්ද ලක්‍ෂාන් මහතාගේ බිරිඳට හා දියණියට ප්‍රථමයෙන් කෘතිය පිළිගැන්වුණා.
කෘතිය එළිදැක්වීමේ උත්සවය දේශන දෙකකින් ද සමන්විත වූ අතර එම දේශන කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ සහ කෘතියේ කතුවර විමල් වීරවංශ යන මහත්වරු සිදු කළා.
පැමිණි පිරිස පිළිගැනීම ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා විසින් සිදු කරනු ලැබුවා.
මෙම අවස්ථාවට සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය කඹුරුගමුවේ වජිර නාහිමි, මහාචාර්ය පූජ්‍ය ඉත්තදෙමලියේ ඉන්දසර නාහිමි, කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි, කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්දරතන නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය, නිදහස ජනතා සභාවේ නායක, ඩලස් අලහප්පෙරුම ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, විජය ධරණී ජාතික සභාවේ නායක, පූජ්‍ය අතුරලියේ රතන හිමි, යුතුකම ජාතික සංවිධානයේ නායක, ගෙවිඳු කුමාරතුංග, ප්‍රියංකර ජයරත්න, ප්‍රේමනාත් දොලවත්ත, ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරමින් මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස, උද්දික ප්‍රේමරත්න, ගාමිණී වලේබොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජාතික සංවිධාන නියෝජනය කරමින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්වරු ද ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී හූ වෙයි මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18