hit counter

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2022 ජූනි 05, පෙ.ව. 1:45



ආණ්ඩුවේ ස්වාධීන පක්ෂ එකමුතුව වෙනම සන්ධානයක් ලෙස කටයුතු කරන බව හිටපු අමාත්‍ය, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා.

එම නව සන්ධානය තුළ ප්‍රධාන පක්ෂය වන්නේ ජාතික නිදහස් පෙරමුණ බවත් එම පක්ෂයේ නායකයා වන විමල් වීරවංශ මහතා සන්ධානයේ නායකයා ලෙස පත් කර ගත් බවත් ඔහු පෙන්වා දෙනවා.

මන්ත්‍රීවරයා සඳහන් කළේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා නායකත්වයට පත් කර ගත්තේ යටි අරමුණකට නොවන බවයි.

නමුත් විමල් වීරවංශ මන්ත්‍රීරයා සිය සන්ධානයේ නායකත්වයට පත්වීම සමාජයේ සංවාදයට ලක්වූයේ කුමන හේතුවකින්ද යන්න ප්‍රශ්නයන් බවයි ගම්මන්පිල මන්ත්‍රීවරයා පැවසූවේ.

කෙසේනමුත් ආණ්ඩුවේ ස්වාධීන පක්ෂ 11 එකමුතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් මහජන පක්ෂය මේවන විට ආණ්ඩුවේ ඇමතිධූර ලබාගෙන ආණ්ඩුවට සහය ලබා දී තිබෙන්නේ ස්වාධීන පක්ෂ එකමුතුවේ තීරණයට විරුද්ධව යමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: