2022 මැයි 24, ප.ව. 6:23
ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායමේ පක්ෂ 8ක නායකයින් පිරිසක් ජනාධිපතිවරයා ලිපියක් යොමු කර තිබෙනවා.
මැයි 09 දා සිට රටපුරා ඇති වූ කලහකාරී සිදුවීම් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමක් (‘සත්‍ය කොමිසමක්’) පත්කිරීම පිළිබඳ කරුණු දක්වමින් එම ලිපිය ජනාධිපතිවරයාට යොමු කර ඇති අතර ස්වාධීන කණ්ඩායමේ පක්ෂ 8 නායකයින් ඊට අත්සන් යොදා තිබෙනවා.
කෙසේ වෙතත් එම ලිපියට ස්වාධීන පිලේ පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට අත්සන් කර නොතිබීම විශේෂත්වයක්.
මැයි 09 දා සිට ඉදිරියට සිදුවූ සියලුම ප්‍රචණ්ඩ ක්‍රියා පරීක්ෂා කිරීම හා දඬුවම් නිර්දේශ කිරීම සඳහා සුදුසු ආකාරයේ බලය ඇති විශේෂ ජනාධිපති කොමිසමක් (“ සත්‍ය කොමිසමක් ”) පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් එම ලිපිය මගින් ඉල්ලා තිබෙනවා.
ඒ අනුව එම කොමිසම සුදුසු පරිදි පත් කොට, මාස තුනක් ඇතුළත එහි වැඩ කටයුතු සම්පූර්ණ කළ යුතු බවට ද එම ලිපිය මගින් පෙන්වා දෙනවා.
එම ලිපිය පහතින්,
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18