hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 27, ප.ව. 3:46



“මට රනිල් වික්‍රමසිංහගෙන් ඇමතිකම් ඕන නෑ. මට මගේ රාජ්‍යය ඕන” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද(27) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

දැන් ඉන්නේ අරගල කරුවන් නොව අරාජික කරුවන් බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

මෙහි තිබෙන්නේ රාජ්‍ය බිඳ වැට්ටවීමෙි කුමන්ත්‍රණයක් යැයිද ඊට ඉඩ දෙන්න බැරි යැයිද වීරවංශ මහතා සඳහන් කළා.

ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ සාධාරණ ආවේගයට ගරහන්නේ නැති නැති නමුත් රාජ්‍ය බිඳ වැට්‍ටවීම සඳහා මහජන පීඩනය අවභාවිතා කරමින් සිටින බව පෙන්වා දෙන වීරවංශ මහතා මොන බෙිද තිබුනත් තීරණාත්මක මොහොතක රාජ්‍ය රාජ්‍යය බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණයෙන් රාජ්‍ය ගලවා ගත යුතු බවද කියා සිටියා.

එන එන මිනිහා ගෝ හෝම් කියන්න කාටවත් යුතු කමක් නැතැයි ද ඔහු අවධාරණය කළා.

“ගෝඨා ගෝ හෝම්  කිව්වම ගියා. දැන්වත් මේ රටට ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඉඩ දෙන්නේ නැද්දැයි” වීරවංශ මහතා ප්‍රශ්න කළා.

“රාජ්‍ය දේපළ අත්පත් කර ගැනීම සාමකාමී ද ලංකා හමුදාවේ සාමකාමී දියුණු කම නිවට කම කියා හිතන්න එපා” යැයි ඔහු පැවසුවා.

පාර්ලිමේන්තුවේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට එක්වෙමින් වීරවංශ මහතා කළ කතාවේ වීඩියෝව පහතින්,