2022 ජූනි 07, පෙ.ව. 9:47
සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දු වාර 20-20 තරගාවලියේ පළමු තරගය අද (07) ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතයි.
ඕස්ට්‍රේලියා කණ්ඩායම 20-20 ලෝක ශුරයන් වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම 20-20 ICC ශ්‍රේණිගත කිරීම් වල 9 වැනි ස්ථානයේ පසුවෙයි.
ICC ශ්‍රේණිගත ගත කිරීම් වලට අනුව ඕස්ට්‍රේලියා කණ්ඩායම පසුවන්නේ 05 වැනි ස්ථානයේයි.
ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක මෙහෙවන අතර ඕස්ට්‍රේලියා කණ්ඩායම ආරොන් ෆින්ච් විසින් මෙහෙවනු ලබයි.
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලිය අතර 20-20 ජාත්‍යන්තර තරග 22ක් පවත්වා ඇති අතර ඉන් තරග 13ක් ඕස්ට්‍රේලියාව ජය ගෙන ඇති අතර ශ්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ තරග තරග 9කි.
2026 අප්‍රේල් 10, පෙ.ව. 12:58
2026 අප්‍රේල් 10, පෙ.ව. 12:50
2026 අප්‍රේල් 09, ප.ව. 2:47
2026 අප්‍රේල් 06, ප.ව. 8:18
2026 අප්‍රේල් 05, ප.ව. 5:02